EDSODA සංකල්පයට අනුව මාගේ පාසල

කළමනාණාකරණ සංකල්පයක් ලෙස EDSODA සංකල්පය වර්තමානයේ භාවිතා කළ හැකි ඉතාමත් ඵලදායි සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය. මෙම සංකල්පය අප පාසලට අදාළ කරගන්නේ කෙසේදැයි විමසා බලමු. මෙහි E ලෙසින් හඳුන්වන්නේ Experience යන්නයි. 

As a management concept, the EDSODA concept can be called one of the most effective concepts that can be used today. Let us examine how this concept applies to our school. Here E stands for Experience.

 “Where we coming from” අප පැමිණි ගමන් මඟ මෙයින් අදහස් කෙරේ.

"Where we coming from" means the way we came.




මෙහිදී අප පාසලේ ඉතිහාසය දෙස මදක් අවධානය යොමු කර බලමු. ඌව පළාතේ පළවෙනි මධ්‍ය මහා විද්‍යාලය වශයෙන් ද අප විද්‍යාලය සලකනු ලබයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපන් ගුවන් ප්‍රහාර හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයයේ කොටසක් ලෙස 1942 මැයි මස 15 වන දින බණ්ඩාරවෙල (Blender) බංගලාවට ගෙන යමින් 01 ශ්‍රේණියේ සිට 03 ශ්‍රේණිය දක්වා සිසුන් හැත්තෑ දෙනෙකුට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. ජී.පී.ආර්. පෙරීයනාගම් මහතා ප්‍රධාන ආචාර්යවරයා වශයෙන් ඉගෙනුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය. බාලක නේවාසිකාගාරය භාරව සිටියේ ද ඔහුයි. 1943 වර්ෂයේ ජනවාරි මාසයේ සිට 04 වන ශ්‍රේණිය සිසුන් සහභාගී වෙමින් අධ්‍යයන කටයුතු සිදුකරනු ලැබුවේය. 1948 වර්ෂයේ යුද්ධය අවසන් වන විට පිරිමි ළමුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් බ්ලෙන්ඩර් බංගලාවේ සිටි අතර වර්ෂ 1948 දී කොළඹ රාජකීය පාසල නැවත රීඩ් මාවතේ පිහිටි පැරණි පරිශ්‍රය වෙත ගෙන යන ලදි .

Here we will focus a little on the history of the school. Our college is also considered as the first Central High School in Uva Province. During the Second World War, seventy students from Grade 01 to Grade 03 were moved to Bandarawela (Blender) Bungalow as part of the Colombo Royal College on 15th May 1942 due to Japanese air raids. G.P.R. Mr. Periyanagam started the learning activities as the head teacher. He was also in charge of the boys hostel. From January 1943, the 04th grade students were participating in the studies. By the end of the war in 1948, nearly a hundred boys were in the Blender Bungalow and in 1948 the Colombo Royal School was moved back to the old premises on Reid Mawatha.

CLICK HERE TO GO TO THE SCHOOL WEB SITE



එලෙස ගෙන ගියද බණ්ඩාරවෙල අවට සිසුන් ඇතුලත් කර ගනිමින් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. මෙසේ දිනෙන් දින ජනප්‍රිය වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලට පසු 1952 වර්ෂයේ දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට නම් කෙරිණි.
Even though it was moved like this, the schools continued to be run by admitting students from around Bandarawela. Bandarawela Madhya Maha Vidyalaya, which became popular day by day, was named as a Madhya Maha Vidyalaya in the year 1952 after the Kannangara reforms.


පාසලේ ද්වීතික අංශය ක්‍රියාත්මක කෙරුන ද පාසලට ප්‍රාථමික අංශයක් නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1989 වර්ෂයේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සමරවීර වීරවන්නි මැතිතුමා විසින් පාසලට ප්‍රාථමික අංශයක් එක් කරන ලදී. එය ඊ.ඩබ්ලිව්. අදිකාරම් විද්‍යාලය ලෙස නම් කරන ලදී. මේ දක්වාම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඊ.ඩබ්ලිව්. අදිකාරම් අංශය ලෙස නම් කෙරිණි.

Although the secondary section of the school was functioning, the school did not have a primary section. As a result, in 1989, Mr. Samaraweera Weeravanni, who was the Minister of Education at that time, added a primary section to the school. It is E.W. Named Adikaram College. Until now, the primary section of Bandarawela Madhya Maha Vidyalaya E.W. Named as Adikaram Division.


1942 වර්ෂයේ සිට මේ දක්වා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති වරු 26 දෙනෙකු සේවය ලබා දී ඇත. මේ අතරින් වැඩිම කාලයක් විදුහල්පති වශයෙන් සිට ඇත්තේ  එම්.පී. අල්විස් මහතාය. එය වසර හතක්  ලෙස සඳහන්ව ඇත.  වර්තමානයේ 26 වන විදුහල්පතිවරයා වන්නේ සරත් බන්දු ගුණසේකර මහතා වේ.
From the year 1942 until now, 26 principals have served in Bandarawela Madhya Maha Vidyalaya. Among these, M.P. has been the principal for the longest time. Mr. Alvis. It is mentioned as seven years. At present, the 26th principal is Mr. Sarath Bandu Gunasekara.

 පාසලේ වසර දෙකකට වරක් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන අතර අභය, ගැමුණු, තිස්ස හා විජය ලෙස නිවාස හතරකට බෙදා සිසුන් තරඟාවලියේ යෙදෙයි . ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සහ  මධ්‍ය මහා විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරග තරගාවලියක් “ඌවේ රන් කුසලානය” නමින් 1968 සිට මේ දක්වා ක්‍රියාත්මක වෙයි.

An inter-house sports festival is held in the school every two years and the students are divided into four houses namely Abhaya, Gemunu, Tissa and Vijaya and participate in the competition. A major cricket tournament between St. Joseph's College and Madhya Maha Vidyalaya called "Uve Ran Cup" has been running since 1968 till now.


මෙහිදී (D) යනුවෙන් හඳුන්වන්නේ (Direction) යන්නයි.  “Where we are heading” වර්තමානයේ පාසල ගමන් කරන දිශාව. 

Here (D) is called (Direction). "Where we are heading" is the direction the school is currently heading.

The Principal
Mr. Sarathbandu Gunasekara

වර්තමාන පාසලේ ප්‍රාථමික අංශයේ සිට ඉහළ ද්විතීක අංශය දක්වා අධ්‍යාපනය කටයුතු සිදුවෙමින් පවතී. වර්තමාන පාසලේ විදුහල්පතිවරයා වන්නේ සරත් බන්දු ගුණසේකර මැතිඳුන් ය. ඔහු පාසලේ 26 වන විදුහල්පතිවරයා වේ. දැනට පාසලේ සිසුන් පන්දහසක් පමණ අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් සිටි. අධ්‍යයන කාර්ය මණ්ඩලයය 200 පමණ වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 118 ක් පමණ වෙයි. ප්‍රාථමික අංශයේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති හතරකින් සමන්විත වේ. පහළ ද්විතීයික අංශය සඳහා සිසුන් සුදුසුකම් ලබන්නේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සිසුන්ට අමතරව ශිෂ්‍යත්ව ධාරීන් වේ. ඒත් ඒ සඳහා ද ඉහළ ලකුණක් ලබා ගත් යුතු වේ. පසුගිය වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව කඩයිම් ලකුණු වනුයේ 165 ක් තරම් වූ ඉහළ අගයකි. පහළ ද්විතීයික අංශයේ සමාන්තර ශ්‍රේණි 8 බැගින් ක්‍රියාත්මක වේ. මෙයින් සමාන්තර පන්ති තුනක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. ඉහළ ද්විතීයික අංශයේ එසේ නොමැති නම් උසස් පෙළ අංශයේ කලා" වාණිජ" විද්‍යා සහ ගණිත යන අංශ හතරෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කරන නිසා අප පාසල 1AB ගණයට අයත් පාසලක් ලෙස හඳුන්වනු ලබයි. දුර බැහැර සිට පැමිණෙන ශිෂ්‍යත්වධාරීන් පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන නිසා බාලිකා නේවාසිකාගාරයක් මෙන්ම බාලක නේවාසිකාගාරයක් ද අප පාසලේ ක්‍රියාත්මක වේ. 

In the current school, education is going on from the primary section to the upper secondary section. The principal of the present school is Mr. Sarath Bandu Gunasekara. He is the 26th principal of the school. At present, about five thousand students of the school were engaged in educational activities. The academic staff is around 200 and the non-academic staff is around 118. The primary section consists of four parallel classes from grades 1 to 5. Students eligible for lower secondary section are scholarship holders in addition to students who have completed primary education. But for that also a high mark should be obtained. According to the last year's scholarship results, the cutoff marks are as high as 165. There are 8 parallel grades each in lower secondary sector. Of these, three parallel classes are taught in English medium. Our school is known as a 1AB category school because teaching activities are carried out in all four sections of the upper secondary section, arts, commerce, science and mathematics in the advanced section. Since scholarship holders from far away conduct the educational activities of the school, we have a girls' hostel as well as a boys' hostel in our school.

පාසලේ භෞතික සම්පත් දෙස අවධානය යොමු කර බැලුවොත් සියලුම සිසුන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සහ ඩෙස් පුටු පාසලේ තිබේ. නමුත් පාසලේ ක්‍රීඩා පිටිය මීටර් දෙසියයක කවයක් ඇති ක්‍රීඩාපිටියක් නිසා එය මීටර් 400 ක් දක්වා පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ. 

Looking at the physical resources of the school, the school has enough space and desks for all the students. But since the school's playground has a circle of two hundred meters, arrangements have been made to expand it to 400 meters.


 

කළමණාකරණ සංකල්පයක් වන මෙම සංකල්පයේ තුන්වන අදියරේ සාකච්ඡා කරනු ලබන්නේ Situation එසේ නොමැතිනම් වර්තමාන තත්ත්වය යන්නයි.

The third phase of this concept, which is a management concept, is discussed in Situation otherwise the current situation.

රජයෙන් පවත්වනු ලබන සෑම විභාගයකින් ම ඌව පළාතේ ප්‍රථම වෙමින් පළාතට මෙන්ම ශ්‍රී ලංකාවටම කීර්තියක් අත්කර කරගන්නා පාසලක් බවට වර්තමාන බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලය පත්ව ඇත. පසුගිය වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් එකසිය හැත්තෑ දෙදෙනෙකු සහභාගීවී 94 සමත් වීමට අප විද්‍යාලයේ සිසුන් සමත්ව ඇත. මෙය පසක් කරමින් ශ්‍රී ලංකාවේ මිශ්‍ර පාසල් අතරින් තුන්වන ස්ථානය දිනා ගැනීමට අප පාසලට හැකියාව ලැබී තිබේ. තවදුරටත් පවසනවා නම් 2008 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයා බිහි වූයේ ද අප පාසලෙනි. එමෙන්ම පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය පීඨය සඳහා සිසුන් තිස් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර" ඉංජිනේරු පීඨය සඳහා සිසුන් 38 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. මේ ඇතුළුව සියලුම පීඨයන් සඳහා අප විද්‍යාලයෙන් සිසුන් 295 දෙනෙක් පමණ සුදුසුකම් ලබා ගත්තේ පාසලට කීර්තියක් අත්කර දෙමිනි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ 92% තරම් වූ ඉහළ සමත් ප්‍රතිශතයක් අප විද්‍යාලයෙන් පෙන්නුම් කරනු ලැබීය. එමෙන්ම ගණිතය ඔලිම්පියාඩ් තරඟ ජාත්‍යන්තර තරගාවලියේ ප්‍රථමයාද අප විද්‍යාලයෙන් බිහි විය. 

The current Bandarawela Central High School has become a school that is gaining fame in the province as well as in Sri Lanka by being first in Uva province in every examination conducted by the government. One hundred and seventy two students of our college participated in the scholarship entrance exam held last year and passed with 94 marks. By highlighting this, our school has been able to win the third place among mixed schools in Sri Lanka. Further, in the year 2008 G.E.C. Our school was also the first in the island in the mathematics section of the high school examination. And last year's G.E.C. Thirty-two students have qualified for the Faculty of Medicine and 38 students have qualified for the Faculty of Engineering in the A-level examination. Including this, about 295 students have qualified from our college for all the faculties, bringing fame to the school. Our college showed a high pass percentage of 92% in the general level examination and also the first place in the Mathematical Olympiad international competition.


මෙම කළමණාකරන සංකල්පයේ 4 වන අදියර ලෙස (Outcome desire) අප යා යුත්තේ කොතැනටද යන්න විශ්ලේෂණය කරනු ලබයි.

As the 4th stage of this management concept (Outcome desire) we analyze where we should go.

අප පාසලේ අධ්‍යයන කටයුතු ඉතාමත් ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා සුදුසු ප්‍රතිඵල ද මේ වන විට ළඟා කරගෙන ඇත. ඒ හා සසඳන කල්හි විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාවලින්ගේ යම්කිසි පසුගාමීත්වය පෙන්නුම් කරනු ලබයි. අධ්‍යාපනය අතින් ඌව පළාතේ ප්‍රථම ස්ථානය ලබා ගත්තද 2019 වර්ෂයේ පැවැති ජාතික පාසල් පළාත් ක්‍රීඩා තරගාවලියේ අප විද්‍යාලයට ලැබුණේ තුන්වන ස්ථානයයි. ඉන්පසු කාල සීමාවේදී ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට නොහැකි වූ නිසා වර්තමාන තත්ත්වය පිළිබඳව නිවැරැදි දත්තයන් ලබා ගැනීමට නොහැකි වී තිබේ. සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු රටට දායාද කිරීම අප පාසලේ මෙහෙවර ප්‍රකාශයේ එක් කරුණකි. ඒ සඳහා දැනුමෙන් පමණක් සන්නද්ධ වූ සිසුවෙකුට සමබර පෞරුෂයක් අත්කර ගැනීමට නොහැක. ක්‍රීඩාශීලීත්වය, නායකත්වය, කණ්ඩායම් හැඟීම්, සහකම්පනය, අනුගාමිකත්‍වය, වැනි මෘදු කුසලතා සිසුවා තුළ රෝපණය කළ යුතු වේ. දෘඩ කුසලතා මෙන්ම මෘදු කුසලතා ඇති දරුවෙක් රටට දායාද කිරීමට හැකිනම් ඇත්තෙන්ම එම පාසල ඉතා පොහොසත් පාසලකි. පාසල් පිරිවිතර ද තරමක් දුරට ප්‍රශස්ත මට්ටමකින් තිබුණද එය නඩත්තු කිරීම ද පාසල හා බැඳි පාසල් ප්‍රජාවේ යුතුකමක් වෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් යනු පාසල් භෞතික පරිසරය මනෝ සමාජීය පරිසරය අධ්‍යාත්මික පරිසරය හොඳින් නඩත්තු වන්නා වූ පාසලකි. එමගින් දරුවන්ට පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත්වනු ඇත. එම ප්‍රියජනක වීම් තුළම දරුවා තුළ ධනාත්මක සිතුවිලි රෝපණය කිරීමට පිටුවහලක් ලැබෙනු ඇත. අනෙකා ගැන සිතන අනෙකාට උදව් කරන සහකම්පිත දරුවෙක් පාසල තුලින් බිහි කිරීම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ප්‍රධාන අරමුණක් විය යුතුය. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් දැනුමෙන් පෝෂිත දරුවෙක් බිහි වෙනවා සේම, අනෙකාට උදව් උපකාර කරන සමබර පෞරුෂයකින් හෙබි, ගතානුගතික සිතුම් පැතුම් වලින් තොර, දේශීයත්වයට ගරුකරන, පරිසරයට ආදරය කරන, දරුවෙකු බිහි කිරීම ප්‍රධානතම අරමුණ විය යුතුය. කාලච්ඡේද අටම හොඳින් ඉගැන්වීමෙන් ඉහත කී ප්‍රතිඵලය ළඟාකර ගැනීමට නොහැක. ඒ සඳහා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කළ යුතුයි. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවාගේ නැඹුරුව අඩු වී ඇත්තේ දෙමාපියන් ගේ දැඩි බලපෑම මත බව හැඟී යයි. දෙමාපියන්ට අවශ්‍යවී ඇත්තේ දැනුමෙන් පෝෂිත හොඳ රැකියා අවස්ථාවක් උපයා ගත හැකි දරුවෙකු විනා සමබර පෞරුෂයකින් හෙබි දරුවකු නොවේ.  

The academic activities of our school are running at a very optimal level, and appropriate results have been achieved so far. When compared to that, some backwardness of extra-curricular and co-curricular activities is shown. In terms of education, our college got the third place in the national school provincial sports tournament held in the year 2019, even though it got the first place in Uva province. Since it was not possible to hold a sports tournament during the period, it has not been possible to get accurate data about the current situation. One of the points of our school's mission statement is to endow the country with a citizen with a balanced personality. For that, a student armed only with knowledge cannot achieve a balanced personality. Soft skills like sportsmanship, leadership, team spirit, empathy, followership, etc. should be inculcated in the student. If a child with hard skills as well as soft skills can be gifted to the country, that school is indeed a very rich school. Even if the school specifications are at a somewhat optimal level, maintaining it is also the duty of the school community associated with the school. A health promotion school is a school in which the school's physical environment, psychosocial environment and spiritual environment are well maintained. This will make school a pleasant place for children. It will help to plant positive thoughts in the child in the same pleasures. The primary goal of the entire staff including the school principal should be to produce a compassionate child who cares for others and helps others. Just as Bandarawela Madhya Maha Vidyalaya gives birth to a child who is nourished with knowledge, the main aim should be to give birth to a child who has a balanced personality who helps others, who is free from conservative thoughts, who respects the locality, who loves the environment. It is not possible to achieve the above result by teaching all the eight periods well. For that, the child should be directed to extracurricular activities. It is felt that the child's tendency towards extracurricular activities has decreased due to the strong influence of the parents. Parents want a child who can earn a good job opportunity with knowledge and not a child with a balanced personality.



EDSODA කළමණාකරන සංකල්පයේ පස් වන අදියර ලෙස (Deadline) (By when do we want to be there) අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද යන්නයි.

As the fifth phase of the EDSODA management concept (Deadline) (By when do we want to be there) is when the desired results will be achieved.

මෙම ප්‍රතිඵල එක දවසකින් හෝ දෙකකින් ලබාගත හැකි ප්‍රතිඵල නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා නිතර සතත අභ්‍යාසයේ යෙදීම අනිවාර්ය වේ. උදාහරණයක් වශයෙන් ක්‍රීඩා ක්‍රියාකාරකම් දෙස බැලුවහොත් ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලිය පාසල් මට්ටමින් පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරඟාවලියක් ලෙස හැඳින්විය හැක. මෙහිදී කණ්ඩායම් ක්‍රීඩා සඳහා දරුවන් වයස අවුරුදු පහළොවෙන් පහල වයස් සීමාව ඉක්මවා තිබිය යුතුය .ශ්‍රේණි ලෙස ගත් කල නමවන ශ්‍රේණියේ සිටින දරුවන් සඳහා කණ්ඩායම් ක්‍රීඩා ක්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් දරුවෙකු වයස අවුරුදු 10 පමණ පසුවන තුරු කණ්ඩායම් ක්‍රීඩා සඳහා යොදා ගැනීමට සුදුසු නැත. එසේනම් 06වන ශ්‍රේණියේ සිට නමවන ශ්‍රේණිය දක්වා වූ අවුරුදු තුනක කාලසීමාවක් තුළදී අපේක්ෂිත ජයග්‍රහණ ක්‍රමානුකූලව පුහුණුව වීම තුළින් ළඟා කර ගැනීමට හැකි වේ. එමෙන්ම ශිෂ්‍යභට කණ්ඩායමක් වැනි විෂය බාහිර ක්‍රියාකාරකමක් වුවද අවුරුදු දෙකක පමණ පුහුණුවීමකින් පසු තරග සඳහා යොමු කළ හැක. නමුත් මළල ක්‍රීඩා සඳහා වර්ෂයක හෝ වර්ෂ එක හමාරක කාලයක් තමන්ගේ උස බර අනුව නියමිත පුහුණු වීම් වල යෙදීමෙන් අපේක්ෂිත අරමුණු ඉෂ්ට කර ගත හැකි වනු ඇත. එමෙන්ම බාලදක්ෂ වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා මාස 06ක අඛණ්ඩ පුහුණුව වීමකින් පසු තරග වලට ඉදිරිපත් කර ඇති පත් කළ හැක. මෙයට අනුව මාස 6 සිට අවුරුදු තුනක් දක්වා කාලය නියමිත් කාල රාමුවකට හා වැඩ රාමුවකට යටත්ව ක්‍රියා කළහොත් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි වනු ඇත.

These results are not results that can be achieved in a day or two. Regular practice for extracurricular activities is mandatory. For example, if we look at sports activities, the National School Sports Tournament can be called one of the most important sports tournaments held at the school level. For team sports, children must be above the age limit of fifteen years. In terms of grades, team sports are implemented for children in the ninth grade. Generally, a child is not suitable for team sports until they are about 10 years old. So, within a period of three years from 06th grade to 9th grade, the desired achievements can be achieved through systematic training. And even if it is an extra-curricular activity like a cadet team, it can be referred to competitions after about two years of training. But for indoor sports, one year or one and a half years of proper training according to your height and weight will achieve the desired goals. Also, after 6 months of continuous training for extracurricular activities like scouting, they can be presented in competitions. According to this, if the period of 6 months to three years is worked under a fixed time frame and work framework, the desired objectives can be reached.


EDSODA කළමණාකරණ සංකල්පයේ අවසාන අදියර වන්නේ (Action Steps) How will we get there strategies, Resources සඳහා උපාය මාර්ග සම්පත් අවශ්‍යතාවය.

The final stage of the EDSODA management concept is (Action Steps) How will we get there strategies, strategies for resources.

මේ සඳහා අවශ්‍ය ම කාරණය වන්නේ Awareness එහෙමත් නැත්නම් දැනුවත් භාවයයි. සිසුන් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා කෙතරම් කැමැත්තක් දැක්වුවද දෙමාපියන් මේ සඳහා කැමැත්තක් දක්වන්නෙ නැති නිසා දරුවන් ඒ සඳහා යොමු නොකිරීමට ඔවුන් වග බලා ගනියි. දෙමාපියන්ට අවශ්‍ය වන්නේ අනාගතයේ හොඳ රැකියාවක් ලබා ගැනීමට හැකි අධ්‍යාපනයක් පාසල තුළින් ළඟා කර ගැනීමයි. හොඳ රැකියාවක් කිරීමට නම් ආකර්ශණීය පෞරුෂයක් අවශ්‍ය බව දෙමාපියන් පිළිගැනීමට කැමති නැති පරම සත්‍යය වේ. එම නිසා දරුවන් සඳහා විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී කරවීමට අකමැත්තක් දක්වයි. සෑම දෙමාපිය රැස්වීමකම පාහේ දරුවන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ලැබෙන වාසි පිළිබඳව දෙමාපියන් දැනුවත් කළ යුතුයි. එමෙන්ම අනාගතයේ දී රැකියා අවස්ථා උදාකර ගැනීමේ දී මෙයද සුදුසුකමක් වන බව ඔවුන්ට මෙන්ම සිසුන්ට ද පසක් කළ දිය යුතුයි. එසේම පාසලේ පැවැත්වෙන වාර විභාග වල දී ලකුණු පිරිනැමීමේ ක්‍රමයක් හඳුන්වාදී ක්‍රියාත්මක කළ යුතුය. පාසල් වේලාවෙන් පසුව ද පාසලේ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට දෛනික පැමිණීම ලකුණු කොට ඔවුනට ලකුණක් පිරිනැමීමේ ක්‍රමවේදයක් පාසල තුළ පවත්වා ගත යුතුය. පාසලේ නිලතල ප්‍රදානයේ දී විශේෂයෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන් තේරීමේදී අධ්‍යාපනය පමණක් නොව විෂය බාහිර ක්‍රියා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම සැලකිල්ලට ගත යුතුය. එමෙන්ම පාසලේ ක්‍රියාත්මක වන ප්‍රධානතම ව්‍යාපෘති වන නිවාසාන්තර ක්‍රීඩා උළෙල, මහා ක්‍රිකට් ගැටුම වැනි අවස්ථාවන් දෙමාපියන්ගේද උදව් ඇතිව වඩා ආකර්ෂණීය ලෙස පැවැත්විය යුතුය. මේ සඳහා සහභාගිවීම අනිවාර්ය කොට දරුවන් ඇගයීමට භාජනය කළ යුතුය.  මෙය යම්තාක් දුරකට දෙමාපියන්ගේ දුර්මත පහව ගොස් දරුවන් මේ සඳහා යොමු කරනු ඇත. පාසලක් යනු අධ්‍යයන කටයුතු පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම් ද එක ලෙස ක්‍රියාත්මක කළ යුතු ආයතනයක් බව දෙමාපියන් තේරුම් ගනු ඇත.

The only thing necessary for this is Awareness. No matter how much students are interested in extracurricular activities, parents are not interested in this, so they make sure that the children are not directed to it. Parents want to get an education through the school that will enable them to get a good job in the future. It is the absolute truth that parents don't want to accept that a good job requires an attractive personality. Therefore, children are reluctant to participate in extracurricular activities. At almost every parent-teacher conference, parents should be made aware of the benefits of extracurricular activities for their children. And it should be made clear to them as well as the students that this is also a qualification in creating job opportunities in the future. Also, a system of awarding marks should be introduced and implemented in the term examinations held in the school. A system should be maintained in the school to mark the daily attendance and award them a mark to the co-curricular activities that are running in the school even after the school hours. Participation in extra-curricular activities should be taken into account not only in education but also in the selection of student leaders in the awarding of office in the school. Also, the main projects of the school, such as the inter-house sports festival, the big cricket clash, should be conducted more attractively with the help of the parents. Participation in this is compulsory and children should be evaluated. This will to some extent remove the misconceptions of the parents and guide the children towards this. Parents will understand that a school is an institution where not only academic activities but also extracurricular activities should be implemented as one.

 

 

Comments